/
/
title icon
2025 ආර්ථික වර්ධනය 5%ක්
2025 ආර්ථික වර්ධනය 5%ක්
News Editor
1 day ago
Share:
2025 ආර්ථික වර්ධනය 5%ක්

2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 5%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය වසරේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

එහිදී කැපී පෙනෙන වර්ධනයක් කර්මාන්ත අංශය වාර්තා කර තිබෙනවා. 

ආර්ථිකයේ ප්‍රධාන සංරචක තුන වන කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍රයන් 2025 වසරේදී පිළිවෙළින් 1.4%, 7.8% සහ 3.3% ලෙස වර්ධනය වී ඇති බවද සඳහන්. 

2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට ආර්ථිකය සැලකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් සහ වර්ධනයක් අත්කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම වාර්තාවල දැක්වෙනවා. 

තවද, 2025 වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය 4.8%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සෘජු වර්ධනයක් පෙන්නුම් කරන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required