/
/
title icon
වීරවිලදී ලංගම බස් දෙකක් ගැටී 04ක් මරුට - 36කට තුවාල
වීරවිලදී ලංගම බස් දෙකක් ගැටී 04ක් මරුට - 36කට තුවාල
News Editor
2 hours ago
Share:
වීරවිලදී ලංගම බස් දෙකක් ගැටී 04ක් මරුට - 36කට තුවාල

අම්බලන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල - තුරුසෙවණ මංසන්ධියේදී අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 

ඒ අතර භික්ෂුවක් සහ කාන්තාවන් තිදෙනෙකු වනවා. 

ශ්‍රී ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති අතර එහිදී 36 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

තුවාලකරුවන් හම්බන්තොට මූලික රෝහලට සහ දෙබරවැව රෝහල්වලට ඇතුළත් කෙරුණා. 

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ මොරටුව ඩිපෝවේ ලංගම බස් රථයක් සහ තිස්ස සිට කරාපිටිය බලා ධාවනය වූ අම්බලන්තොට ඩිපෝවේ ලංගම බස්රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required