/
/
title icon
ඉන්ධන නිකුත් කිරීම වාහන අංක තහඩුවේ අවසාන අංකයට
ඉන්ධන නිකුත් කිරීම වාහන අංක තහඩුවේ අවසාන අංකයට
News Editor
6 hours ago
Share:
ඉන්ධන නිකුත් කිරීම වාහන අංක තහඩුවේ අවසාන අංකයට

QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළා. 

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය 16 වන දා සිට පියවර ගනු ලැබුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required