ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කිරීමේ සිදුවීම මුල් කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙනඒමට විපක්ෂය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම විශ්වාසභංගය යෝජනාව හෙට දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද වාර්තා වනවා.