ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගෙන තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සඳහන් කළේ අදාළ තොරතුරු ලබාදීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විශේෂ දුරකථන අංකයන් ස්ථාපිත කර ඇති බවයි.
ඒ අනුව දුරකථන අංක 0112106767 / 0117296130 අංක වෙත අදාළ තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි.