/
/
title icon
හෙට සහ අනිද්දාත් සංස්ථාවෙන් පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරේ
හෙට සහ අනිද්දාත් සංස්ථාවෙන් පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරේ
News Editor
2 hours ago
Share:
හෙට සහ අනිද්දාත් සංස්ථාවෙන් පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරේ

හෙට සහ අනිද්දා දිනවලත් බෙදුම්කරුවන්ට ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ හෙට සහ අනිද්දා දිනවල පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

සෙනසුරාදා දිනයේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබෙන බවට මේ වන විට පුවතක් සංසරණය වන අතර එයට පාදක වී ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සෑම මසකම එක් සෙනසුරාදා දිනයක් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබීම වන බවද ඒ මහතා සඳහන් කළා. 

කෙසේ වෙතත්, පවතින මෙම තත්ත්වය විශේෂ අවශ්‍යතාවයක් වීම සහ මෙම සෙනසුරාදා රාත්‍රියේදී QR කේතය නැවත සැකසීම සිදුවන බැවින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවෘතව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. 

එමෙන්ම මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කර සිටියේ යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඉරිදා දිනයේ වුවද තෙල් බෙදාහැරීමේ කට‍යුතු සිදු කළ හැකි අතර එහි කිසිදු ගැටලුවක් නොමැති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required