/
/
title icon
බස් ගාස්තුව 10%කට වැඩි අගයකින් ඉහළ යන ලකුණු
බස් ගාස්තුව 10%කට වැඩි අගයකින් ඉහළ යන ලකුණු
News Editor
1 hour ago
Share:
බස් ගාස්තුව 10%කට වැඩි අගයකින් ඉහළ යන ලකුණු

ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම, බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වනවිට පවතින බස් ගාස්තුවට සියයට 10කට වඩා වැඩි අගයකින් බලපා ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර ඇත්තේ ඒ අනුව නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට හෙට (23) දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි.

වර්තමානයේ ක්‍රියාත්මක වන පසුගිය වසරේ ජූලි මස 04 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද බස් ගාස්තුව වන අතර එය ගණනය කිරීමේදී එම මාසයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක්ව පැවැති බවත් ඒ අනුව එම මිලට ගලපා බස් ගාස්තුව ප්‍රකාශට පත් කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.

නමුත් ඊයේ දින සිදුවූ ඉන්ධන මිල වැඩිවීමත් සමග රුපියල් 303 සිට 382 දක්වා ඩීසල් ලීටරයක මිල ඉහළ ගොස් ඇති බවත් එය රුපියල් 79කින් වැඩිවී ඇති බවත් මෙම කාල සීමාව තුළ ලංකා සුදු ඩීසල් මිලෙහි සමස්ත වැඩිවීම රුපියල් 93ක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required