/
/
title icon
අද මැදියමේ සිට බස් ගාස්තුව 12.19%කින් ඉහළට
අද මැදියමේ සිට බස් ගාස්තුව 12.19%කින් ඉහළට
News Editor
1 hour ago
Share:
අද මැදියමේ සිට බස් ගාස්තුව 12.19%කින් ඉහළට

අද (23) මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 12.19%කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යන අතර, අවසන් ගාස්තුව ලෙස පැවති රු 2,159 බස් ගාස්තුව රු 2,422ක් දක්වා රු 263කින් ඉහළ යනු ඇති.

මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයින් වෙත දැනුම් දෙන අතර, නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන පිරිස් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required