/
/
title icon
යල කන්නයට පොහොර ගොවිජන මධ්‍යස්ථානවලින්
යල කන්නයට පොහොර ගොවිජන මධ්‍යස්ථානවලින්
News Editor
10 hours ago
Share:
යල කන්නයට පොහොර ගොවිජන මධ්‍යස්ථානවලින්

මෙම වසරේ යල කන්නය සඳහා පොහොර ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ගොවිජන මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා.

මේ දිනවල පවතින මැදපෙරදිග යුදමය තත්ත්වයන් තුළ ඉදිරියේදී පොහොරවල මිල ඉහළ යා හැකිව යන උපකල්පනය මත යම් යම් පාර්ශ්වයන් පොහොර රැස් කිරීමට උත්සාහ කිරීම මත රජය විසින් මෙම තීරණය ගත් බව ඒ මහතා අදහස් දක්වමින් සඳහන් කළා.

ඒ අනුව වී වගාවට අවශ්‍ය සියලුම පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වගාකරුවන්ට ලබා දීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required