ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
එම සංවාදයේදී මැදපෙරදිග වර්තමාන තත්ත්වය සහ එයින් ගෝලීය බලශක්ති ආරක්ෂාවට ඇති බලපෑම් පිළිබඳව සාකච්ඡා කළ බවයි X පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
එහිදී විශේෂයෙන්ම බලශක්ති සැපයුම් දාමයන්ට ඇතිව ඇති බාධා සහ ඒවායේ ගෝලීය බලපෑම් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ප්‍රධාන වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී දෙරටේ නායකයින් සමාලෝචනය කර ඇතැයි සඳහන්.
එමෙන්ම, කලාපීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඉන්දු ශ්‍රී ලංකා සමීප සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර තිබෙනවා.
අසල්වැසි සහ විශ්වාසනීය හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, පොදු අභියෝගවලට මුහුණදීමට එකමුතුවෙන් කටයුතු කිරීමට තම කැපවීම යළි තහවුරු කළ බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය X පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කළා.