/
/
title icon
මාර්තු අග වෙද්දී සංචාරකයින් ලක්ෂ 7ක් දිවයිනට
මාර්තු අග වෙද්දී සංචාරකයින් ලක්ෂ 7ක් දිවයිනට
News Editor
13 hours ago
Share:
මාර්තු අග වෙද්දී සංචාරකයින් ලක්ෂ 7ක් දිවයිනට

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව පසුකර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2026 ජනවාරි 01 සිට මාර්තු 25 දක්වා කාලය තුළ සංචාරකයින් 708,348 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එම සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 139,164ක්.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 74,295ක් සහ රුසියාවෙන් 63,505ක් පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required