/
/
title icon
යූරියා වී වගාවට පමණයි - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
යූරියා වී වගාවට පමණයි - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
News Editor
1 hour ago
Share:
යූරියා වී වගාවට පමණයි - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ මේ වසරේ යල කන්නයේ වගා කටයුතු සඳහා වී වගාවට පමණක් අමිශ්‍ර යූරියා පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පොහොර නිකුත් කිරීමේදී ඒ ඒ ගොවීන් වගා කරනු ලබන භූමි ප්‍රමාණය අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට දැනුම් දී ඇතැයි සඳහන්.

පොහොර ගොවීන් වෙත නිකුත් කිරීමේදී කන්න රැස්වීම්වල තීරණ මත හෝ වී වගා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කරන ලද ගොවීන්ගේ තොරතුරු පාදක කර ගනිමින් අදාළ වගා භූමි ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් මෙලෙස ගොවීන්ට යූරියා පොහොර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පවතින පොහොර තොග කළමනාකරණය කර ගනිමින් 2026 යල කන්නයේ වී වගා කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට කටයුතු කරන ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required