/
/
title icon
බේරුවලට ඔබ්බෙන් වූ මුහුදේ ඇල්ලූ යාත්‍රාවේ හෙරොයින් කිලෝ 300ක්
බේරුවලට ඔබ්බෙන් වූ මුහුදේ ඇල්ලූ යාත්‍රාවේ හෙරොයින් කිලෝ 300ක්
News Editor
2 hours ago
Share:
බේරුවලට ඔබ්බෙන් වූ මුහුදේ ඇල්ලූ යාත්‍රාවේ හෙරොයින් කිලෝ 300ක්

බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

අද උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ උර 298ක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වූ බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කාංචන බානගොඩ මහතා පැවසුවා.

මෙම ධීවර යාත්‍රාව ලාංකික බහුදින යාත්‍රාවක් බවත් එහි සිටි සැකකරුවන් 6දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණයද සිය භාරයට ගෙන ඇතැයි නාවික හමුදාපතිවරයා මෙහිදී කියා සිටියා.

අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required