/
/
title icon
මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
News Editor
2 days ago
Share:
මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සවස 4ට මාතර ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. 

දේහය හෙට (03) දහවල් මාතර කොටුව පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කරන බවයි ඔහුගේ පුත් හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. 

දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍යවරයෙකු වන මහින්ද විජේසේකර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වුණා. 

ඒ වනවිට ඒ මහතා 83 වන වියේ පසුවුණා.

මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව සිටි කාලයේ දී එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required