ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවයි.
එමෙන්ම, යල කන්නය ආරම්භ වන මේ අවස්ථාවේ ගොවි ජනතාව අතර පොහොර පිළිබඳ ගැටලු ඇතිවී තිබුණද, රට තුළ දැනටමත් මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත්ව පවතින බවද ඔහු පෙන්වා දුන්නා.
යුරියා පොහොර පිළිබඳව සීමිත ගැටලුවක් පැවතිය හැකි නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රට තුළ පවතින බවත්, වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සාපේක්ෂව එය ප්‍රමාණවත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.