හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් අඩාල කළ මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ, ඉන්දීය තෙල් පිරිපහදු ආයතන වසර 07කට පසු ඉරානයෙන් බොරතෙල් මිලදී ගෙන ඇති බව ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසනවා.
ලොව තෙවන විශාලතම තෙල් ආනයනකරුවා සහ පාරිභෝගිකයා වන ඉන්දියාවට ඉරානයෙන් බොරතෙල් මිලදී නොගන්නා ලෙස අමෙරිකාව එල්ල කළ බලපෑම් හමුවේ 2019 මැයි මාසයෙන් පසුව ටෙහෙරානයෙන් කිසිදු තෙල් තොගයක් ලබාගෙන තිබුණේ නැහැ.
ඒ අනුව ඉන්දියාව ඉරානයෙන් මෙසේ බොරතෙල් මිලදී ගෙන ඇත්තේ වසර 07කට පසුවයි.
සැපයුම් හිඟය අවම කිරීම සඳහා පසුගිය මාසයේදී එක්සත් ජනපදය විසින් ඉරාන තෙල් සහ පිරිපහදු කළ නිෂ්පාදන මත පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කළා.