වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට උදෑසන 8 වන තුරු කල් ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
අමාත්‍යවරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන බවත් ඒ නිසාවෙන් වර්ජන ක්‍රියාමාර්ගය දිග්ගැස්සෙන බවත් පවසන එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ අමාත්‍යවරයාගේ තීරණය මත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීන්දුවක් ගැනීමට සිය සංගමය සුදානම් බවයි.
එමෙන්ම අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වීම හරහා අගතියට පත්වන්නේ රෝගී ජනතාව වන බවද ඒ මහතා සඳහන් කළා.
මේ අතර වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීමේ බලය විධායක සභාවට පැවරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මේ අතර, වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව සහ සේවා ස්ථාන මාරු ලැයිස්තුව දේශපාලනීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්වන බව පවසමින් ඊට විරෝධය පා රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක වුණා.
මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු මෙරට සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හදිසි හා අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා හැර සෙසු ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගී පත්වූයේ දැඩි අපහසුතාවකටයි.