අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,765ක්.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 1,910ක් වනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 890ක් ලෙස සටහන් වනවා.