/
/
title icon
ඉරානය එක රැයකින් වනසනවා - ට්‍රම්ප්ගෙන් තරවටුවක්
ඉරානය එක රැයකින් වනසනවා - ට්‍රම්ප්ගෙන් තරවටුවක්
News Editor
1 hour ago
Share:
ඉරානය එක රැයකින් වනසනවා - ට්‍රම්ප්ගෙන් තරවටුවක්

ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවයි.

ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

අද රාත්‍රී 8 වන විට තමාට පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට ඉරානය අපොහොසත් වන්නේ නම් ඉරානයට එරෙහිව දැඩි විනාශකාරී ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවා.

මධ්‍යම රාත්‍රිය වන විට ඉරානයේ පාලම් සහ බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර ඉරානය ගල් යුගයකට ගෙන යාම සිදුකරන බව ඔහු කියා සිටියා.

අදින් පසුව ඉරානයට යළි කිසිදු සහන කාලයක් ලබා නොදෙන බවද අවධාරණය කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධයට සහය නොදැක්වූ රටවලටද චෝදනා කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required