/
/
title icon
අලුත් අවුරුද්දට විශේෂ පොදු ප්‍රවාහන සැලැස්මක්
අලුත් අවුරුද්දට විශේෂ පොදු ප්‍රවාහන සැලැස්මක්
News Editor
11 hours ago
Share:
අලුත් අවුරුද්දට විශේෂ පොදු ප්‍රවාහන සැලැස්මක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට සිට අප්‍රේල් මස 20 දක්වා කාලසීමාව තුළ දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒකාබද්ධව මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම ක්‍රියාත්මක කරනු ඇති.

ඊට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් සේවාවන් මගින් දෛනිකව අතිරේක ගමන්වාර 800 බැගින් යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

මීට සමගාමීව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දැනට ධාවනය වන ගමනාන්ත සඳහා කොටුව දුම්රිය ස්ථානයේ සිට සාමාන්‍ය ගමන්වාරවලට අමතරව අතිරේක විශේෂ දුම්රිය යොදවා ඇති බවද සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required