ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියා.
මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟවීමයි.
මෙය දෙපාර්ශවයටම බලපාන "ද්විපාර්ශ්වික සටන් විරාමයක්" (Double sided ceasefire) ලෙස හඳුන්වා දී තිබෙනවා.
මෙහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙළීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කළා.
මේ අතර, ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවා.
ඒ අනුව සති දෙකක කාලයක් සඳහා හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ප්‍රහාර නතර කරන්නේ නම් ඉරාන සන්නද්ධ හමුදාවන්ද ඔවුන්ගේ ආරක්ෂක මෙහෙයුම් නවත්වන බවටද අබ්බාස් අරග්චි සඳහන් කළා.