රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ආරම්භ කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කරමින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කළේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, මෙවන් පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේදී වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳ අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, "මේ විදියට නම් හැසිරෙන්නේ තවදුරටත් අද ලබාදුන්න සාකච්ඡාව මම කරන්නේ නෑ...මේ වැඩවර්ජනය අසාධාරණයි. එයට අපි රජය විදියට මුහුණදෙන්න සුදානම්" යනුවෙන්.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේදී යම් වරදක් කර ඇත්නම් අධිකරණයේ සහාය පැතීම සුදුසුම දේ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.