/
/
title icon
IMF අලුත්ම සමාලෝචනවලට නිලධාරී මට්ටමේ එකඟතාවය
IMF අලුත්ම සමාලෝචනවලට නිලධාරී මට්ටමේ එකඟතාවය
News Editor
2 hours ago
Share:
IMF අලුත්ම සමාලෝචනවලට නිලධාරී මට්ටමේ එකඟතාවය

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිදුකෙරෙන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර නිලධාරී මට්ටමේ එකඟතාවකට එළැඹ තිබෙනවා.

මෙම සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතාගේ නායකත්වයෙන් යුත් IMF දූත පිරිසක් මාර්තු 26 සිට අප්‍රේල් 9 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.

සංචාරය අවසානයේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ විධායක මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති සමස්ත මූල්‍ය සහාය අමෙරිකානු ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required