ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු ආනයනය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අදාළ යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.
බලශක්ති කළමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණා.