ශ්‍රී ලාංකීය නව මාධ්‍යකරනයේ පෙරගමන්කරුවා වන "සන්නස" වෙබ් අඩවියට (www.sannasa.lk) අදට වසර 07ක් සපිරෙනවා.
මීට වසර 07කට පෙර "සන්නස" නිර්මාතෘ නිරෝෂන් හතුරුසිංහ මහතාගේ මාහැඟි සංකල්පයකට අනුව ඔහුගේ ඡන්ම දිනය දිනයේ බිහිවූ "සන්නස" වෙබ් අඩවිය මේ වනවිට මෙරට ජනතාවගේ තොරතුරු අවශ්‍යතා මෙන්ම කුඩා වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා සවියක් වී හමාරයි.
ගෙවුණු කාලය පුරාවටම ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කිරීමට යත්න දරමින් සන්නස විසින් ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු මෙන්ම ඔබේ ජීවිතයට එදිනෙදා වටිනාකමක් ගෙන එන සඟරාමය කරුණුද වාර්තා කළා.
එසේම "සන්නස" විසින් නවමු මාධ්‍යකරනයේ පෙරගමන්කරුවා බව පසක් කරමින් පළමු වතාවට ප්‍රවෘත්ති වෙබ් අඩවියක, ඔබගේ දැන්වීම් නොමිලයේ පළ කිරීමටත් අවස්ථාව ලබාදුන්නා.
ඒ, ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සිය වෙළෙඳපොළ සඳහා පුළුල් අවකාශයකට ඉඩසලසමින්.
"සන්නස" මගින් ශ්‍රී ලංකාවේ පසුගිය සමයේ සිදුවූ ස්වභාවික විපත්, දේශපාලන වෙනස්කම් මෙන්ම සමාජීය වැදගත් අවස්ථාවන්වලදී ජනතාවගේ තොරතුරු පිපාසය සංසිඳුවීමට කටයුතු කළෙමු.
ඒ, ස්වාධීනව කිසිදු ගැතිකමක් නොමැතිව ජනතාවගේ තොරතුරු අයිතියට ඉඩ සලසමින්.
එසේම, "සන්නස ඩිජි සිතුවම්" මගින් මෙරට විශ්වවිද්‍යාල සමග එක්ව පැවැත්වූ සිතුවම් තරග හරහා මෙරට දරු කැලට සිය දක්ෂතා ඔප්නංවා ගැනීම සඳහා ලබාදුන්නේ මනා පිටුබලයක්.
ඒ අනුව වසර හතක් පුරා තොරතුරු තාක්ෂණය සහ කාලීන පුවත් කලාව නවමු මුහුණුවරකින් ඉදිරිපත් කරමින්, පාඨක විශ්වාසය දිනා ගැනීමට හැකිවීම අප ලැබූ විශාල ජයග්‍රහණයක්.
විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍යකරණය තුළ ගුණාත්මක සහ වගකීම් සහගත බව පවත්වා ගැනීම අප තැබූ ප්‍රශංසනීය පියවරක්.
"සන්නස" ගමන් මගෙහි සුවිශේෂීතා වන්නේ,
- නවෝත්පාදනය: ශ්‍රී ලාංකීය අන්තර්ජාල පරිශීලකයන්ට සමීප භාෂා ශෛලියකින් සහ ආකර්ෂණීය ඉදිරිපත් කිරීම්වලින් යුක්ත වීම.
- විශ්වාසනීයත්වය: පුවත් සහ තොරතුරු වාර්තාකරණයේදී පවතින වේගවත් බව මෙන්ම නිරවද්‍යතාව.
- පරාසය: දේශපාලන, ආර්ථික, සමාජීය මෙන්ම විනෝදාත්මක අංශ රැසක් ආවරණය කිරීම.
ඉතිං එවන් සාඩම්බර ගමනක 07 වැනි වසරට පය තැබූ "සන්නස" මින් ඉදිරියටත් ඔබ වෙනුවෙන් කැපවන බව සහතික කරමු.