නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අද දිවි සැරියට සමුදුන්නා.
මියයන විට ඇය 92 වියෙහි පසුවුණා.
හෘදයාබාධ තත්ත්වයක් සහ ශ්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ මුම්බායි හී රෝහලක් වෙත ඇතුළත් කර තිබුණා.
ඒ අනුව ඊයේ රාත්‍රියේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති ඇය අද උදෑසන මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
1933 වසරේදී ඇය උපත ලැබුවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ "සංග්ලි" (Sangli) ප්‍රදේශයේ සංගීතයට ලැදි මංගේෂ්කාර් පවුලේයී.
ඇයගේ පියා ප්‍රවීන මරාති සංගීත ශිල්පියෙකු සහ නළුවෙකු වූ පණ්ඩිත් දීනානාත් මංගේෂ්කාර්.
ඇයට වයස අවුරුදු 9ක් වන විට ඇයගේ පියා අභාවප්‍රාප්ත වනවා.
ඇය ලෝක ප්‍රකට ගායිකා ලතා මංගේෂ්කාර්ගේ බාල සහෝදරියයි.
වයස අවුරුදු 9 දී ගායනයට පිවිසි ඇය, සිය සහෝදරියගේ සෙවණැල්ලෙන් මිදී තමාටම ආවේණික වූ හඬක් සහ විලාසයක් නිර්මාණය කර ගත් තැනැත්තියක ලෙසයි විචාරකයින් පවසන්නේ.