/
/
title icon
ගල්අඟුරු අතිරේක පිරිවැය විදුලිබිලට නැහැ - PUCSL
ගල්අඟුරු අතිරේක පිරිවැය විදුලිබිලට නැහැ - PUCSL
News Editor
2 hours ago
Share:
ගල්අඟුරු අතිරේක පිරිවැය විදුලිබිලට නැහැ - PUCSL

විදුලි ගාස්තු සංශෝධනවලදී ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබෙනවා.

එම කොමිෂන් සභාව පැවසුවේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදි සලකා බලනුයේ විදුලි ජනනය, සම්ප්‍රේශණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් වන බවයි.

පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදීද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බවත් ඔවුන් පැවසුවා.

එසේම, ඉදිරි ගාස්තු සංශෝධන යෝජනාවලදීද ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු හේතුවෙන් ඇතිවිය හැකි පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලිගාස්තුවලට ඇතුළත් නොකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කළ බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required