අලුත් අවුරුදු සතිය තුළ අනතුරු හේතුවෙන් රෝහල් ගතවීමේ ඉහළ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
එහි බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කළේ මේ වනවිට අනතුරු හේතුවෙන් පුද්ගලයින් 29,000ක් පමණ රෝහල්ගතව ප්‍රථිකාර ලබන බවයි.
සෑම වසරකම ලක්ෂ 13ක පමණ පිරිසක් අනතුරු හේතුවෙන් රෝගල්ගතව ප්‍රතිකාර ලබන අතර එහිදී වැඩි ප්‍රමාණයක් රෝහල්ගත වන්නේ මෙම අලුත් අවුරුදු කාලසීමාවේ වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.