/
/
title icon
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි ගිනි අවි සමග අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි ගිනි අවි සමග අත්අඩංගුවට
News Editor
1 day ago
Share:
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි ගිනි අවි සමග අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතා සතුව අවි ආයුධ ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද ඔහුගේ නිවස පරීක්ෂා කෙරුණා. 

එහිදී T56 උණ්ඩ 221ක්, T56 මැගසින් 2ක්, 7.2 උණ්ඩ 31ක්, 0.2 උණ්ඩ 103ක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබුණා. 

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතාව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ ජීව අත්බෝම්බය චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත එකක් බවද අනාවරණය වී තිබෙනවා. 

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නිවසේ තවදුරටත් සෝදිසි කිරීම් සිදුකර ඇති අතර එහිදී  ලියාපදිංචි ගිනිඅවි 4ක්ද සොයාගත්තා. 

ඉන් එක් ගිනිඅවියක් චන්දන කත්‍රිආරච්චි මහතාගේ නමට ලියාපදිංචි කර තිබෙන අතර අනෙක් ගිනිඅවි 3 චන්දන කත්‍රිආරච්චි මහතාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබූ බව අනාවරණය වී තිබෙනවා. 

මෙලෙස සොයාගෙන ඇත්තේ ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි 2ක් සහ 9mm වර්ගයේ ගිනිඅවි 2ක්.

ඒ අනුව චන්දන කත්‍රිආරච්චි මහතා සතුව මෙතරම් ගිනිඅවි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට හේතුව අනාවරණය කරගැනීම සඳහා වෙනම විමර්ශනයක් ආරම්භ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required