/
/
title icon
පෙට්‍රල් වාහනවලට යළිත් හෙට සිට QR ක්‍රමවේදය
පෙට්‍රල් වාහනවලට යළිත් හෙට සිට QR ක්‍රමවේදය
News Editor
3 hours ago
Share:
පෙට්‍රල් වාහනවලට යළිත් හෙට සිට QR ක්‍රමවේදය

හෙට එනම් 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඒ අනුව පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බවයි.

උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හෙට දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා. 

කෙසේ වෙතත්, ඔත්තේ ඉරට්ටේ ක්‍රමය සැලකිල්ලට ගැනීමට එහිදී තීරණය වූ අතර ඩීසල් වාහන සඳහා QR ක්‍රමය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමටද එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.‍ 

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය සක්‍රීය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required