මෙවර වෙසක් උත්සවය සඳහා මේ වනවිට දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ මැයි 29 වැනිදා දක්වා දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන බවයි.
කෙසේ වෙතත්, දන්සලක් ලබාදීමට අදහස් කරන්නේ නම් එම දන්සල හැකි ඉක්මනින් ලියාපදිංචි කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළා.
එලෙස ලියාපදිංචි කරන දන්සැල් සෞඛ්‍ය ක්‍රමානුකූලව ලබාදෙන්නේ කෙලෙසදැයි දැනුම්වත් කරන බව ඔහු තවදුරටත් කියා සිටියා.