/
/
title icon
පළාත් කිහිපයකට අද රැයේත් මිලිමීටර් සියය ඉක්මවූ වැසි
පළාත් කිහිපයකට අද රැයේත් මිලිමීටර් සියය ඉක්මවූ වැසි
News Editor
1 hour ago
Share:
පළාත් කිහිපයකට අද රැයේත් මිලිමීටර් සියය ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරෙනවා. 

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required