/
/
title icon
හෝමූස් ගැන සුබ පණිවුඩයෙන් බොරතෙල් මිලත් පහළට
හෝමූස් ගැන සුබ පණිවුඩයෙන් බොරතෙල් මිලත් පහළට
News Editor
1 hour ago
Share:
හෝමූස් ගැන සුබ පණිවුඩයෙන් බොරතෙල් මිලත් පහළට

ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමග ආසියානු බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. 

ඒ අනුව අද උදෑසන වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 5%කින් පහළ ගොස් ඩොලර් 97.90ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල 5.3%කින් පහළ ගොස් ඩොලර් 90.93ක් ලෙස සටහන්ව තිබෙනවා. 

කෙසේ වෙතත්, මර්බන් බොරතෙල් බැරලයක මිල 0.06%කින් ඉහළගොස් ඩොලර් 102.21ක් ලෙස දැක්වුණා. 

මේ හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ රැසක් ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required