/
/
title icon
ගුරු තරග විභාගය අවසන් - අයදුම්කරුවන් 160,000ක්
ගුරු තරග විභාගය අවසන් - අයදුම්කරුවන් 160,000ක්
News Editor
1 hour ago
Share:
ගුරු තරග විභාගය අවසන් - අයදුම්කරුවන් 160,000ක්

ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා පැවැත්වූ තරග විභාගය සඳහා උපාධිධාරීන් 160,000කට අධික පිරිසක් අයදුම්පත් යොමුකර තිබූ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවති මෙම තරග විභාගය ඊයේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1048දී පවත්වනු ලැබුවා. 

මේ සඳහා රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991ක්, අනෙකුත් අයදුම්කරුවන් 96,442ක් ලෙස අයදුම්පත් ඉදිරිපත් කර තිබුණා. 

ඊට අමතරව විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකුට විභාගය සඳහා ඉදිරිපත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පහසුම් සපයා තිබූ බව සඳහන්.

2023 වර්ෂයේදී, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින්, ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් සැලසුම් කර තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩු 3ක් සහ අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුත්තක් හේතුවෙන් අදාළ විභාගය අත්හිටුවීමට කටයුතු කළා. 

ඒ අනුව සියලු නඩු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, දිවයින පුරා පවතින සමස්‍ත ගුරු හිඟයට පිළියම් සැපයීමේ අරමුණෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට මෙන්ම අනෙකුත් උපාධිධාරීන්ටද පෙනී සිටිය හැකි ලෙස මෙවර විභාගය පවත්වනු ලැබුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required