රජය විසින් හෙක්ටයාරයකට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා කියා සිටියේ ඒ අනුව අදාළ සහනාධාරය රුපියල් 5,000කින් ඉහළ නංවා ඇති බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් සඳහන් කළේ ඒ අනුව 502,836 දෙනෙකුට මෙම සහනාධාරය හිමිවන බවයි.
ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 10,947ක් වැය කරන බවත් එම මුදල එකවර ගොවි ගිණුම්වලට බැර කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා කියා සිටියා.