/
/
title icon
ලිට්‍රෝ සහ ලාෆ්ස් මිලේ වෙනසක් නැහැ
ලිට්‍රෝ සහ ලාෆ්ස් මිලේ වෙනසක් නැහැ
News Editor
2 hours ago
Share:
ලිට්‍රෝ සහ ලාෆ්ස් මිලේ වෙනසක් නැහැ

ජුනි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. 

ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට තීරණය කළ බවයි එම සමාගම  පැවසුවේ. 

2026 මැයි මාසයට අදාළව දැනට පවතින ලිට්‍රෝ ගෑස් මිල ගණන් ජුනි මාසය සඳහාද වලංගු වනවා. 

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහත පරිදි දැක්විය හැකියි. 

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,765යි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,910යි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 890යි.

මේ අතර, ජුනි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගමද පැවසුවා. 

ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ 6,245 සහ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක පැවැති මිල වූ රුපියල් 2,500ක මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බවයි එම ආයතනය සඳහන් කළේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required