දිවයිනට ඇදහැළුණු වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග මෙරටින් ඩෙංගු රෝගීන් වාර්තාවීම මේ වනවිට තවදුරටත් ඉහළගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය වනවිට ජුනි මාසයේ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 19,318ක් වාර්තා වී තිබූ අතර ඒ සමගින් වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,000 ඉක්මවා ගියා.
මේ වනවිට දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙසින් නම්කර තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව 2026 වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ දිනය දක්වා දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 53,159ක්.
ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 31ක් වනවා.