/
/
title icon
පොසොන් පොහොය අදයි
පොසොන් පොහොය අදයි
News Editor
1 hour ago
Share:
පොසොන් පොහොය අදයි

ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. 

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදුවූ අතර එතැන් සිට මෙරට බුදු දහම ස්ථාපිත වුණා. 

අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොහොය දිනකයි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීමද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා. 

තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීමද සිදුව ඇත්තේ අදවන් පොහොය දිනකයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required