අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414ක්.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 382ක් වනවා.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නැහැ.