/
/
title icon
සුරේෂ් සලේ උපවාසය අතහරී
සුරේෂ් සලේ උපවාසය අතහරී
News Editor
1 hour ago
Share:
සුරේෂ් සලේ උපවාසය අතහරී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා නීතිඥ උපදෙස් මත ඔහුගේ උපවාසය නතර කිරීමට තීරණය කර තිබෙනවා.

උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සුරේෂ් සලේ මහතාව පසුගිය පෙබරවාරි මස 25 වැනිදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ඇරඹුවා.

තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසත් රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් සුරේෂ් සලේ මහතා පසුගිය දා ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required