ඩෙංගු සහ වෛරස් උණ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු, විභාග සහ නේවාසිකාගාර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා කියා සිටියේ.
විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට නියමිතව ඇත්තේ ජූලි 13 වැනිදායී.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු ඩෙංගු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඊට අමතරව වෛරස් උණ තත්ත්වයක්ද පැතිර යමින් පවතින බව මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.
අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ වෛද්‍ය නිලධාරීන්ගේ නිර්දේශ මත විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවද ඔහු පැවසුවා.