/
/
title icon
කලකට පසු ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් මිල බස්සයි
කලකට පසු ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් මිල බස්සයි
News Editor
1 day ago
Share:
කලකට පසු ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් මිල බස්සයි

ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා ලිට්රෝ ගෑස් මිල ගණන් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩුකර ඇති අතර, ඒ සමගම එහි නව මිල රුපියල් 4,465ක් වනවා.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 118කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,792ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 835ක් දක්වා පහත දමා තිබෙනවා.

එසේම, අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද පහළ දැමුවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,965ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 512කින් අඩුකර ඇති අතර, එහි නව මිල රු. 1,988ක් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required