/
/
title icon
මීගමුවේ යළි ගිනි ඇවිලෙයි - රැඳවියන් 17ක්, නිලධාරීන් 7ක් මරුට
මීගමුවේ යළි ගිනි ඇවිලෙයි - රැඳවියන් 17ක්, නිලධාරීන් 7ක් මරුට
News Editor
2 days ago
Share:
මීගමුවේ යළි ගිනි ඇවිලෙයි - රැඳවියන් 17ක්, නිලධාරීන් 7ක් මරුට

මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඊයේ ඇතිවී තිබුණා.

එහිදී දෙපාර්ශ්වයේම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබුවා.

එම තත්ත්වය ආරක්ෂක අංශ මැදිහත්ව රාත්‍රිය වනවිට පාලනය කරනු ලැබුවා. 

කෙසේ වෙතත්, ඊයේ (06) පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සහ කිරීමත් සමඟ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබුණා.

එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඉන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වුණා.

මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required