/
/
title icon
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 13
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 13
News Editor
13 hours ago
Share:
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 13

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම, අගෝස්තු මස 13වැනිදා පෙරවරු 6යි 17ට යෙදෙන සුබ නැකතට සිදු කෙරෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවා. 

දළදා පෙරහැර පැවැත්වෙන දින වකවානු දැනුම්දීම සඳහා අද පස්වරුවේ දළදා මාලිගය පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේදීයි ඔහු මේ බව කියා සිටියේ. 

මෙහිදී ඔහු කුඹල් හා රන්දෝලි පෙරහැර පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්ද සඳහන් කළා. 

ඒ අනුව අගොස්තු 13වැනිදා කප් සිටුවීමෙන් පසු 17වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙනු ඇති. 

ඉන් අනතුරුව පළමු කුඹල් පෙරහැර 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට 22වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වෙනවා.

පළමු රන්දෝලි පෙරහැර 23 වැනිදා වීථි සංචාරය ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.
පසුදින එනම් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 

ඉන් අනතුරුව එදිනම පෙරහැර සාර්ථකව සිදු කළ බවට පස්වරුවේ දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පෙරහර සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී භාරදීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required