ප්‍රවීන ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.
මිය යන විට ඇය 68 වියෙහි පසුවුණා.
බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැයක ඇතුළු ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කර තිබෙනවා.