/
/
title icon
ඩෙංගු රෝගීන් 70,000ට ළංවෙයි
ඩෙංගු රෝගීන් 70,000ට ළංවෙයි
News Editor
16 hours ago
Share:
ඩෙංගු රෝගීන් 70,000ට ළංවෙයි

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ආසන්න වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. 

ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් 1,279ත් සමග මේ වනවිට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව රෝගීන් 69,951ක්. 

මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,795ක් ලෙස සටහන්ව තිබෙනවා. 

එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 14,464ක්. 

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,004ක්ද වාර්තා වී තිබෙනවා. 

මේ වනවිට සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 48ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required