ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව අද පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබෙනවා.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වනතුරු අයි.සී.සී. සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළ ශම්මි සිල්වා මහතා පසුගිය මැයි මාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ක්‍රීඩා අමත්‍යවරයා විසින් ක්‍රිකට් පරිපාලනය සිදුකරගෙන යාම සඳහා පරිවර්තන කමිටුවක් පත්කිරීමට කටයුතු කළා.
නමුත් එම පරිවර්තන කමිටුව පත්කිරීමෙන් අනතුරුව ජුනි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජික රැස්වීම් නියෝජනය කිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවුණා.
ජුලි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
එම රැස්වීමේදී සාකච්ඡා කෙරුණු කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, සංශෝධිත ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුටු වන බවයි.
කෙසේ වෙතත්, නිලවරණය පවත්වනතුරු අයි.සී.සී. සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.