/
/
title icon
හිටපු ඇමති විමල්ගේ සහෝදරයා රිමාන්ඩ්
හිටපු ඇමති විමල්ගේ සහෝදරයා රිමාන්ඩ්
News Editor
21 hours ago
Share:
හිටපු ඇමති විමල්ගේ සහෝදරයා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්. 

පසුගිය දිනක ඔහු පානදුර ප්‍රදේශයේ තමන්ට අයත් නිවසක සිටින බවට නිලධාරින්ට ලැබී තිබූ තොරතුරකට අනුව එහි ගියද එම අවස්ථාවේදී සරත් වීරවංශ මහතා එහි සිට තිබුණේ නැහැ. 

කෙසේ වෙතත්, අද ඔහු ගම්පහ ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එහි ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. 

අනතුරුව සරත් වීරවංශ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required