/
/
title icon
අමෙරිකාව පරයා ලෝකයේ වැඩි කැමැත්ත චීනයට
අමෙරිකාව පරයා ලෝකයේ වැඩි කැමැත්ත චීනයට
News Editor
2 hours ago
Share:
අමෙරිකාව පරයා ලෝකයේ වැඩි කැමැත්ත චීනයට

පිව් පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Center) විසින් කරන ලද නවතම සමීක්ෂණයකට අනුව මෙරට ජනතාවගෙන් බහුතර පිරිසක් අමෙරිකාවට වඩා චීනයට පක්ෂපාතිත්වයක් දක්වන බව අනාවරණය වී තිබෙනවා. 

අමෙරිකාව පාදක කරගත් මෙම මධ්‍යස්ථානය ඉකුත් පෙබරවාරි සහ මැයි අතර කාලය තුළ රටවල් 36ක පුද්ගලයින් 42,000කට වැඩි පිරිසක් යොදාගෙන සිදුකළ සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි සඳහන්. 

මෙම සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය අනුව ලොව පුරාද බහුතර රටවල් අමෙරිකාවට වඩා චීනයට වැඩි කැමැත්තක් දක්වන බව හෙළිව තිබෙනවා. 

පිව් පර්යේෂණ මධ්‍යස්ථානය මෙවැනි සමීක්ෂණයක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන අතර, මෙහිදී හෙළිවී ඇති තවත් කරුණක් වන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා චීන ජනාධිපති ෂී ජින්පින් ලෝක ජනතාවගේ ආදරයට පාත්‍ර වී ඇති බවයි.

මෙම සමීක්ෂණයේ නියැඳියක් වූ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 72%ක් චීනයට පක්ෂපාතී වෙද්දී, අසල්වැසි රටක්වන පාකිස්තානයේ චීනයට ඇති කැමැත්ත 90%ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා. 

එය මෙම සමීක්ෂණයට තෝරාගත් රටවල් 36 අතරින් චීනයට වැඩිම පක්ෂපාතිත්වය දක්වන රටයි.

මෙහි ඇති වඩාත් සුවිශේෂී කරුණ වන්නේ අමෙරිකානු හිතැති බලකඳවුරක් වන ඊශ්‍රායලයේද 81%ක් චීනයට කැමැත්තක් දැක්වීමයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required