ශ්‍රී ලංකාවේ රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 2027 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් රෙදි චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබාදීමට නියමිතයි.
ඒ සඳහා වන නිල සහතිකපත් හුවමාරු කර ගැනීම ඊයේ (15) බත්තරමුල්ල, ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.
මෙම සුවිශේෂී ආධාර ව්‍යාපෘතිය යටතේ 2027 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් මිලියන 4.18කට ආසන්න පිරිසකගේ සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීමට නියමිතව තිබෙනවා.
ඒ වෙනුවෙන් වන සම්පූර්ණ රෙදි මීටර් ප්‍රමාණයම චීන රජය විසින් ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම නොමිලේ පරිත්‍යාග කිරීමට නියමිතයි.